Monday, August 31, 2026
HomeNEWSදුරකථන ඇමතුමකින් විපක්ෂ නායක විසඳූ ගැටලුව

දුරකථන ඇමතුමකින් විපක්ෂ නායක විසඳූ ගැටලුව

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නිවාස විෂය තමන් සතුව පවත්වාගෙන යමින් මෙරට සමස්ත ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පැවති ජංගම සේවයට අද එක්වෙමිනි.

ප්‍රදේශවාසීන් – “කිරි ගොවීන් 75 දෙනෙක් ඉන්නවා.කිසිදු ගොවියෙකුට තණබිමක් ලැබිලා නැහැ. බිම් අඟලක්වත් රජයකින් ලැබිලා නැහැ. අක්කර 2000ක් වෙන් කරලා පෙන්නලා තියෙනවා.“ 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –  කොහෙද අක්කර 2000ක් තියෙන්නේ ? ඒ වන සංරක්ෂණයේද?

ප්‍රදේශවාසීන් – හතර මායිම් පෙන්නලා ගල් දාලා කිරි ගොවීන්ට මේක තණබිම කියලා අපිට දීලා නැහැ.

ප්‍රදේශවාසීන් – ගරු නායකතුමනි, මේ මගේ දෙවැනි දරුවා.දරුවා ඉපදිලා දවස් 5න් සැත්කමක් කළා.මාස 3න් තව සැත්කමක් කළා මොළේට වතුර පිරෙනවා කියලා.තවත් ශල්‍යකර්මයක් කිරීමට තියෙනවා නායකතුමනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – සල්ලි යනවාද සැත්කම්වලට ?

ප්‍රදේශවාසීන් – ඔව්

 “ශල්‍යකර්ම දෙකක් කරලා තියෙනවා කරාපිටියේ. හැබැයි මෙයාලට හුඟක් එක්ස්පෙන්සස් ගිහින් තියෙනවා. ඒ ශල්‍යකර්මය නැෂනල් හොස්පිට්ල් එකේ කරලා දෙන්න පුළුවන්ද? ෂුවර්ද? එයාලට කිසිම මුදලක් යන්නේ නැහැනේ ? බොහොම ස්තුතියි.“ යනුවෙන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජංගම දුරකථයෙන් වෛද්‍යවරයෙකු අමතමින් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – ඔයාගේ ශල්‍යකර්මය කිසිම වියදමක් නැතුව නොමිලේ කරලා දෙයි. ඔයාට තියෙන්නේ කොළඹ යන්න විතරයි. පුළුවන්ද එක කරන්න? මෙයාට පොඩි උදව්වක් කරන්න පුළුවන්නේ ?

“අපි ආරම්භ කළ නිවාස වැඩසටහන වත්මන් රජය නවත්වපු නිසා ජනතාවට ප්‍රශ්න, පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගය රටේ ආණ්ඩු බලය ගත්තාම අනිවාර්යයෙන්ම නිවාස විෂය මං ගාව තියාගෙන, සමස්ත ජනතාවගේ නිවාස ගැටලුව විසඳනවා,“ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img