ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞවුතම් ආදානී එරට ප්රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.
අදාළ කොටස් ගණුදෙනුවෙන් පසුව NDTV ආයතනයේ මුල් හිමිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, අදානි සමාගම තම එකඟතාවයකින් තොරව එම මිලදී ගැනීම් සිදුකර ඇති බවය.
කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අදානි සමාගම පවසන්නේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවය.
පිළිගත් රෙගුලාසි යටතේ එහි තවත් සියයට 26ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ද අදානි සමාගම ප්‍රකාශ කර තිබේ.






















