මතුගම පොලිස් වසමේ බෝපිටිය හන්දිය ප්රදේශයේ වෙළෙඳසැලකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එහි හිමිකරුට හා තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබේ.
අදාළ පහරදීමෙන් වෙළෙඳසැල තුළ සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි බෝපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලැබු වෙළෙඳසැල් හිමිකරු හා අනෙක් පුද්ගලයා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෙළෙඳසැල තුළ රැඳී සිටි පුද්ගලයා මියගොස් ඇති බවය.
වෙළෙඳසැල් හිමිකරු වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරුකර යවා ඇත.
එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















