අද (20) දිනය පුරා දිවයිනේ ස්ථාන කිහිපයක දී එන්නත්කරණය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
එහිදී පුත්තලම දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නතලේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතය.
එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සහ මහනුවර දිස්ත්‍රික්කයට මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන රැසක දී එන්නත්කරණ කටයුතු සිදුකරනු ලබයි.
එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සයිනොෆාම් හා ඇස්ට්‍රාසෙනෙකා පළමු හා දෙවන මාත්‍රාවත්, ෆයිසර් දෙවන මාත්‍රාවත් ලබාදීමට නියමිතය.
ඒ අනුව, එන්නත්කරණය සිදුකරන ලබන දිස්ත්‍රික්ක හා ස්ථානයන් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.







යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ප්‍රදේශ මෙසේය.
*ඔලබොදුවාව දකුණ, ඔලබොදුවාව නැගෙනහිර, කුඹුක දකුණ
*හේනගම, කුළුපන, මීමන
*බටුවිට දකුණ
*උඩුව දකුණ, හොරණ උතුර, වීවල බටහිර, වීවල නැගෙනහිර
*මුණගම බටහිර, දික්හේනගම, දික්හේනගම 616 C
*නාත්තාන්ගල, පහළ මිල්ලෑව දකුණ, කොටිගම්ගොඩ, පහළ මිල්ලෑව උතුරු
*කොළමැදිරිය උතුර, රයිගම නැගෙනහිර, මහවත්ත, ගැලනියගම
*යුද හමුදා මුලස්ථානය






















