අද කාලගුණය
අද (16) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් උදෑසන කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැකි බව ද වාර්තා වේ.






















