සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකිය.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය






















