Saturday, October 24, 2026
HomeNEWSLatest Newsඅනවසරයෙන් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

අනවසරයෙන් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) සවස 6.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි තායිලන්ත සහ චීන ජාතිකයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මින් එක සැකකරුවෙකු සන්තකයේ තිබී නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 10,300ක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර කාන්තාවන් 9 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4 දෙනෙක් සිටියි.

මොවුන් සියලු දෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 20ත් 44 ත් අතර පසුවන බව පොලීසිය පවසයි.

ඔවුන් සියලු දෙනා අද (27) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img