Tuesday, October 27, 2026
HomeNEWSLatest News"අද වන විට වාලච්චේන ජල පොම්පාගාරය ද නවීකරණය කර එරාවූර් කර්මාන්තපුරයට සහ...

“අද වන විට වාලච්චේන ජල පොම්පාගාරය ද නවීකරණය කර එරාවූර් කර්මාන්තපුරයට සහ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීය හැකි තත්වයක් නිර්මාණය කිරීමට හැකිව තිබෙනවා,” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

“අද වන විට වාලච්චේන ජල පොම්පාගාරය ද නවීකරණය කර එරාවූර් කර්මාන්තපුරයට සහ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීය හැකි තත්වයක් නිර්මාණය කිරීමට හැකිව තිබෙනවා,”
-කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වසරක් ගත වීමට මත්තෙන්, පසුගිය පාලනය අබලි යකඩවලට විකිණීමට සූදානම් කර තිබූ වාලච්චේන කඩදාසි කම්හල යළි පණ ගැන් වූවා පමණක් නොව එහි ජල පොම්පාගාරය ද නවීකරණය කොට එමඟින් නුදුරේ දී එරාවුර් හි ඇරඹෙන රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයට හා ප්‍රදේශවාසීන්ට පානීය ජලය ලබාදීමට හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (25) වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රයේ පිහිටා ඇති ජල පොම්පාගාරය නවීකරණය කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

” එරාවූර් හි ඉදිකිරීමට නියමිතව තිබෙන රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත විශේෂිත කර්මාන්තපුරයට දිනකට අවශ්‍ය කරන කියුබික් මීටර් 5000ක ජල ධාරිතාව සැපයීමට ජාතික කඩදාසි සමාගම සතු වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රයෙ පිහිටා ඇති ජල පොම්පාගාරය නවීකරණය කිරීමේ කටයුතු මේ වනවිට අරඹා තිබෙනවා. මේ සඳහා දැනටමත් මුදල් වෙන් ව තිබෙන අතර ඒ සමගම එරාවුර් ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද සපුරා දීමට මෙම පොම්පාගාරය සමත් වේවි. ඊට අදාළ පුළුල් කිරීම් ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග එක්ව සිදු කිරීමට ජාතික කඩදාසි සමාගම අපගෙ උපදෙස් අනුව කටයුතු කරමින් සිටිනවා.

මෙම ජල පොම්පාගාරය පමණක් නොවෙයි, මේ රට සතු අමිල ජාතික සම්පතක් වූ වාලච්චේන කඩදාසි කම්හලම අබලි යකඩවලට විකුණා දැමීමට පෙර පැවති පාලනය කටයුතු කරමින් සිටියා. අප කර්මාන්ත අමාත්‍යාංශ වගකීම භාරගෙන වසරක් යෑමට මත්තෙන් මෙවැනි වාතාවරණයක් නිර්මාණය කිරීමට හැකි වුණා. ඒ පිළිබඳ අපට ඇත්තේ නිහතමානී සතුටක්.

අපට මේ වන විට වාලච්චේන කඩදාසි කම්හලේ එක් යන්ත්‍රයක් පණගන්වා එමගින් සිදු කළ නිෂ්පාදන ‘ශ්‍රීපත්’ කියන සන්නාමය යටතේ පෞද්ගලික අංශයට හා රජයේ මුද්‍රණාලයට අලෙවි කිරීමට හැකිව තිබෙනවා. නුදුරේදීම අපට දෙවන කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය ද පණ ගැන්විය හැකිවේවි. එය සඳහා දැනටමත් අපට ප්‍රතිපාදන වෙන් ව තිබෙනවා. එම යන්ත්‍රයෙන් අනර්ඝ ඡායාපිටපත් කඩදාසි ඇතුළු කාර්යාලීය ලිපිද්‍රව්‍ය නිපදවීමට හැකි වේවි. මෙම කම්හලෙන් ලැබෙන රැකියා ප්‍රමාණය ද ඉදිරියේ දී වැඩි වන බවට සුබවාදී බලාපොරොත්තුවක් ද මෙම ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට අපට හැකියි. මෙම කටයුතු සඳහා විලයේන්ද්‍රන් ඇමතිතුමන් ඇතුළු දිස්ත්‍රික්කයෙ දේශපාලන නායකත්වයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් අගය කළ යුතුව තිබෙනවා.”

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img