Sunday, November 8, 2026
HomeNEWSඅද විදුලි කප්පාදුව පැය 10ක්

අද විදුලි කප්පාදුව පැය 10ක්

අද (30) දිනයේ දිවයින පුරා පැය 10ක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා අවසර ලබාදුන් බව එම කොමිසම සඳහන් ක‍ළේය.

ඒ අනුව කලාප 26ක් යටතේ අද පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

A,B,C,D,E,F කලාප සඳහා පස්වරු 02.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය තුළ පැය 10ක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 02.00 දක්වා පැය 06ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 10.00 දක්වා පැය 04ක කාලයක් විදුලිය කප්පාදු  කෙරෙන අතර P,Q,R,S කලාප සඳහා පස්වරු 02.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.

එමෙන්ම T,U,V,W යන කාලය සඳහා අද දිනයේ  පෙරවරු 08.00 සිට පස්වරු.02.00 දක්වා පැය 06ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 04ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

මීට අමතරව M,N,O,X,Y,Z යන කලාප සඳහා පෙරවරු08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 10ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img