Sunday, November 8, 2026
HomeNEWSනිවසක ඇති වූ ගින්නෙන් කාන්තාවක් හා දරුවන් රෝහලට

නිවසක ඇති වූ ගින්නෙන් කාන්තාවක් හා දරුවන් රෝහලට

වැලිමඩ පෙලිස් වසමේ කැප්පෙටිපොල ජාතික නිවස සංකීර්ණයේ නිවසක හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න හේතුවෙන් කාන්තාවක්, පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු තුවාල ලබා වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (29) රාත්‍රී කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.

අදාළ නිවසේ විදුලිය නොමැති අවස්ථාවේදී නිවස තුළ තිබූ ජෙනරේටරය ක්‍රියාත්මක කර තිබී ඇති අතර, එය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් නිවැසියන් ඉටි පන්දමක් දල්වාගෙන එම ස්ථානයට ගොස් තිබේ.

ඒ අවස්ථාවේ දී ජෙනරේටරය ආසන්නයේ තිබූ පෙට්‍රල් බෝතලයකට ගිවි ඇවිලිමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඊයේ රාත්‍රී කාලෙයේදී පෑලිගොඩ පොලිස් වසමේ දරමඩුවත්ත ප්‍රදේශයේ පිහිටි තාවකාලික නිවස කිහිපයක හදිසි ගින්නක් හටගෙන ඇත.

අදාළ ගින්න හේතුවෙන් තාවකාලික නිවසා 03ක් ගිනිගෙන විනාශ වී ඇති අතර ගැහැණු ළමයෙකුද ගින්න හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img