Sunday, August 16, 2026
HomeNEWSඅධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු වියයුතු වෙනස්කම් ජනපති කියයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු වියයුතු වෙනස්කම් ජනපති කියයි

රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය වියයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ සඳහා මහජන මතය ලබා ගැනීමේ ඩිජිටල් වේදිකාවක් සැකසීමේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

“අධ්‍යාපනය කියන්නේ අපිට පරීක්ෂණ කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙමෙයි. ඒ නිසා ඒක හැදුවට පස්සේ වෙනත් අයට ඒක මාරු කරන්න බැරිවෙන විදිහට තිරසාර විදිහකට අපි මේක කරන්නට ඕනේ. ඒ නිසා සියලු පාර්ශ්වවල අදහස් ලබාගැනීම ඉතා වැදගත්. අලුතෙන් ඇතිවෙන වෘත්තීන්වලට ගැලපෙන කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් අපේ අධ්‍යාපනය තුළින් බිහිවෙනවාද කියන සැකයක් ඇති වෙනවා. එක පැත්තකින් විශාල රැකියාවල අවශ්‍යතාවයක් තියෙනවා. අනෙක් පැත්තෙන් රැකියාවලට ඉල්ලුමක් තියෙනවා. නමුත් මේ දෙක ගැලපෙන්නේ නෑ. මේ ගැලපීම අපි හරි විදිහට කරන්නට ඕනේ,” යනුවෙන් එම අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img