Monday, October 26, 2026
HomeNEWSLatest Newsඅධික උෂ්ණත්වයට නිරාවරණය නොවන්නැයි ඉල්ලීමක්

අධික උෂ්ණත්වයට නිරාවරණය නොවන්නැයි ඉල්ලීමක්

දෘශ්‍ය සුර්යයා දකුණට ගමන් කිරීමේ දී සැප්තැම්බර් 8 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් ගමන් කිරීම හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වලට උෂ්ණත්වය වැඩිවීමක් වාර්තා වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම කාල සීමාව තුළ අධික හිරැ රශ්මිය නිසා ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

“අධික උෂ්ණත්වය හේතුවෙන් විජලන තත්වයට පත්වීම සහ ලවණ ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය ඇති විය හැකියි,” යනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එසේම ළමුන් අධික උෂ්ණත්වයේ ක්‍රීඩාකිරීම සහ වෙනත් ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපණ වී ආඝාත තත්ත්වය ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවේ. 

විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, අධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇදුම් ඇදීමට කටයුතු කිරීමත් වාඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img