දක්ෂිණ අධිවේග මාර්ගයේ සිදුවූ අනතුරු කිහිපයක් හේතුවෙන් එම මාර්ගයේ වාහන තදබදයක් ඇතිවී ඇති බව පොලීසිය පවසයි.
එබැවින් වාහන අතර පරතරය සහ වේගය ගැන සැලකිලිමත්වන ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.
අද දහවල් දක්ෂිණ අධිවේග මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර මාතර දිශාවට ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ස්ථාන 4කදී පමණ එකිනෙක ගැටී තිබේ.
ඉන් වාහන 10කට අධික ගණනකට හානි සිදුවී ඇති බව වාර්තා වේ.






















