Saturday, August 1, 2026
HomeNEWSකොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

දෛනික කොවිඩ්-19 ආසාදිතයින් ඊයේ (13) දිස්ත්‍රික්ක 20කින් වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 51කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 57,529ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1466ක් දක්වා ඉහළ ගොස් ඇත.

කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, මඩකළපුව, පුත්තලම, අම්පාර, මාතලේ, හම්බන්තොට, පොළොන්නරුව, මුලතිව් සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් 41 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් ඊයේ දිනයේ හඳුනාගැනුණු ආසාදිතයින් ගණන 226කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img