Friday, September 11, 2026
HomeNEWSඅනන්තය දක්වා දින දර්ශනය සොයාගනී

අනන්තය දක්වා දින දර්ශනය සොයාගනී

අනන්තය දක්වා දින සොයාගත හැකි අපූරු දින දර්ශනයක් නිමවූ ඉන්දියානුවෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පිටු 24 කින් යුතු මේ පොකට් දින දර්ශනය නිර්මාණය කර ඇත්තේ 60 හැවිරිදි මුනිරාජ් නම් දකුණු ඉන්දියානුවෙකි.

ඉදිරි වසර බිලියන 2 දක්වා දින සටහන් වන පිටු 30කින් යුතු කුඩා ප්‍රමාණයේ දින දර්ශනයක් නිර්මාණය කිරීමට මීට පෙර මුනිරාජ් සමත්ව තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ මෙවර දින දර්ශනය එහි දිගුවක් බවය .

මුනිරාජ් මෙම දින දර්ශන නිර්මාණ කර ඇත්තේ යම් ගණිතමය මූලධර්මයක් භාවිත කරමිනි.

ඔහුට එම ගණිත ක්‍රමය සොයාගෙන ඇත්තේ 1988 වසරේදී දිනයක් සොයාගැනීමට ගත් උත්සාහයක් අතරතුරදීය.

10 වසරේදී සිය පාසල් දිවිය නිම කළ මුනිරාජ් විශ්‍රාමලත් සෝදුපත් බලන්නෙකි.

වසර බිලියන 2ක් දක්වා දින ගණනය කළ හැකි දින දර්ශනය සඳහා ඔහු රජයේ සම්මානයට පවා පාත්‍ර වී තිබේ.

ග්‍රහලෝකවල චලනය නිරීක්ෂණය කිරීම සඳහා නව දින දර්ශනය යොදාගැනීම මුනිරාජ්ගේ අපේක්ෂාව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img