Tuesday, November 10, 2026
HomeNEWSඅන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ (IFRC) මහලේකම් ජගාන් චැපගන් මහතාඅග්‍රාමාත්‍යතුමා හමුවෙයි

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ (IFRC) මහලේකම් ජගාන් චැපගන් මහතා
අග්‍රාමාත්‍යතුමා හමුවෙයි

අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් (Jagan Chapagan)
මහතා සහ එම දූත පිරිස ඊයේ (08) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මහතා හමුවූහ.
ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල්
192ක් පුරා විහිදී පවතියි.
කොවිඩ් වසංගතය ඇතුළු ඉතිහාසයේ ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන් සෑම ව්‍යසන අවස්ථාවකදීම ශ්‍රී
ලංකා රතු කුරුස සංවිධානය ඔස්සේ තම ජනතාව වෙත ලබා දුන් මානුෂවාදී ආධාර උපකාර වෙනුවෙන්
අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සම්මේලනයට සිය කෘතවේදීත්වය පිරිනමන බව අග්‍රාමාත්‍යතුමා
මෙහි දී පැවසීය.
ලොව පුරා විසිරී සිටින සිය සාමාජික රටවල් අතර ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඉතා ක්‍රියාශීලී සහ
විනිවිදභාවයෙන් කටයුතු කරන ඉදිරියෙන්ම සිටින සාමාජිකයෙකු බව පෙන්වා දුන් අන්තර් ජාතික රතුකුරුස
සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා ඉදිරි සහන සේවා කටයුතුවලදී ද ඔවුන්ගේ
ඉල්ලීම් වලට ප්‍රමුඛත්වයක් ලබාදී ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීමට
බලාපොරොත්තුවන බවට විශ්වාසය පළ කළේය.
ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ
නායකත්වයෙන් ඉටු කරන කාර්ය භාරය වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙහි දී
අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

මාධ්‍ය නිවේදන අංක – 680
2022.02.09

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,
අන්තර්ජාතික රතුකුරුස හා රතු අඩසඳ සම්මේලනයේ ඉන්දීය කලාපීය ප්‍රධාන නියෝජිත උදය රෙජිමි, ශ්‍රී
ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර,
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අරුණ ලේකම්ගේ මහත්වරු එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img