Sunday, November 8, 2026
HomeNEWSඅනාවරණයෙන් එළියට ආ සහනයක් නොලැබෙන මිල

අනාවරණයෙන් එළියට ආ සහනයක් නොලැබෙන මිල

පිටකොටුවේ භාණ්ඩ තොග මිලෙහි සහන පිටපළාත්වල ජනතාවට නොලැබීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් අද පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ඒ අද දෙරණ මේ පිළිබඳව ඊයේ කළ අනාවරණයෙන් පසුවය.

පිටකොටුව හා නාරාහෙන්පිට තොග වෙළෙඳසැල්වල අල, ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු සහ එළවළු යනාදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගෙවුණු මාස කිහිපයට සාපේක්ෂව මේ වන තරමක් පහළ ගොස් ඇති අයුරු අද දෙරණ ඊයේ වාර්තා කළේය.

කෙසේ වෙතත් එම භාණ්ඩ මිල අඩුවීමේ වාසිය පිට පළාත්වල පාරිභෝගිකයන්ට ලැබී නොමැති බව අප කළ සොයාබැලීමේදී නිරීක්ෂණය වුණි.

අද දෙරණ මේ පිළිබඳ වාර්තා කිරීමෙන් පසු ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක්ම ඒ පිළිබඳ සොයාබලන ලෙස ඉල්ලමින් අද පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර පොළොන්නරුව රත්මලේ හා රොටවැව ප්‍රදේශවල යල කන්නයේ වී අස්වැන්නට නිසි මිලක් නෙලැබෙන බවට ගොවිජනතාව නගන මැසිවිලි අප ඊයේ වාර්තාකළ අතර කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය මහින්ද අරවීර මහතා අද පැවසුවේ ගොවීන්ට සාධාරණය ඉටුකිරීමට රජය පියවර ගන්නා බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img