Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsඅනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම ජනපති විමසුමට...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම ජනපති විමසුමට…

අනුරාධපුර පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම ජනපති විමසුමට…


 ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ ජය ශ්‍රී  මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව රුවන්වැලි මහා සෑ පුදබිමට ගිය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත විය.

රුවන්වැලි මහා සෑ රදුන් අභියස ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා අනුරාධපුරය පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම විමර්ශනය කළේය.

ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 450කි. කලාප 03ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවේ. ඉදිකිරීම් 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත ය. සැලැසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජ් මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img