අනූනවයෙන් දිවි බේරුණු හැටි – CCTV දර්ශන සහිතයි
හොරණ – පානදුර මාර්ගයේ විද්‍යාරත්න හංදිය ආසන්නයේ දී යතුරුපැදියක් බිහිසුණු ලෙස අනතුරට ලක්වන අයුරු කැමරාවක සනිටුහන් ව තිබේ.
හොරණ දෙසට පැමිණෙමින් තිබූ යතුරුපැදියක් එම දිශාවට ම ධාවනය වු මෝටර් රථයක් පසුකර යෑමේ දී මෙම අනතුර සිදුව ඇත.
මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී යතුරු පැදිකරු මාර්ගයේ පෙරළී යන අයුරු මෝටර් රථයේ ඉදිරි පිට සවිකර තිබූ කැමරාවෙහි මෙලෙස සටහන් ව තිබේ.
යතුරුපැදිය, මෝටර් රථය හා ලොරි රථය අතරට හසුවී සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් ඇත.
අනතුරින් යතුරුපැදිකරුට කිසිදු තුවාලයක් සිදු වී නොමැත.






















