Saturday, November 14, 2026
HomeNEWSඅපිට තියෙන්නේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක් - ඒත් සමහරුන්ට තියෙන්නේ...

අපිට තියෙන්නේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක් – ඒත් සමහරුන්ට තියෙන්නේ ඩොලර්වලට නෑ කමක් – අමාත්‍ය මනුෂ .

අපිට තියෙන්නේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක් – ඒත් සමහරුන්ට තියෙන්නේ ඩොලර්වලට නෑ කමක් – අමාත්‍ය මනුෂ නානායක්කාර

අපිට අවශ්‍යව ඇත්තේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක් වුවත් සමහරුන්ට ඇත්තේ ඩොලර්වලට නෑ කමක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොදු එකගතාවෙන් ඉදිරිපත් වෙනවා. විපක්ෂවල ඉන්න බොහෝ දෙනාත්, දේශපාලනය අමතක කරලා රට දියුණු කරන්න ඕන කියලා ඉන්න හැමෝම මේ සදහා කැමැත්ත පළ කරලා තියෙනවා. දැනට අපිත් එක්ක එකතු නොවුනත් එකට එකතු වෙලා වැඩ කරන්න කැමැත්ත දක්වලා තියෙනවා. මේ වෙලාවේ අවශ්‍ය පක්ෂ දේශපාලනයක් නෙමෙයි. රට ගොඩ ගැනීමට අවුරුද්දක් ඇතුළත විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාව ලැබුණා. මාස විසි දෙකකට පස්සේ තනි අංකයකට උද්ධමනය අරගෙන ඇවිත් තියෙනවා. තෙල් ටික, බෙහෙත් ටික දෙන්න පුලුවන් වෙලා තියෙනවා. පෝලිම් ටික නැති කරලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යන්න, ඉදිරියට ගිහින් පොලී අනුපාත අඩු කරලා ඉදිරියට යන්න පුලුවන් වෙලා තියෙනවා

මිනිස්සු ඉල්ලපු වෙනස කරලා හරි විදියට රට ගෙන යන්න හැමෝගේම ඒකමිතිය තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. පාට පක්ෂ භේධ පැත්තකට දාලා සියලු දෙනාමට එකට එකතු වෙන්න කියලා තියෙන්නේ. ලබන අවුරුද්ද මැතිවරණ වර්ශයක් බවට පත්වේවි. ජනාධිපතිවරණයෙන් පටන් අරගෙන මැතිවරණ තියාවි. රටේ දැනුම් තේරුම් ඇති අය, රටේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන අය අවශ්‍ය කරන තීන්දු තීරණ ගනීවි.

පෙට්්‍රල් මිල මේ මාසේ ඉහළ ගියා. පසුගිය මාසයේදී අඩු වුනා. ඉන්ධන මිල ඉහළ පහළ යාම තීරණය වන්නේ ලෝක වෙළදපොලේ පවතින මිල හා පිරිවැය අනුවයි. විදුලිය, ජලය, ඉන්ධන පාඩු ලබලා ලබාදෙන්නේ නෑ. ආයතන පාඩු ලබලා ජනතා මුදලින් ඒ ණය ගෙවීම් කරන්නේ නෑ. නිවරදි මිලට මේවා ලබාදීලා දුප්පත් අමාරු ජනතාවට සහන ලබාදීමට කටයුතු කරනවා. අගෝස්තු මාසයේ සිට අස්වැසුම ගෙවීම් කටයුතු ආරම්භ කරනවා. අභියාචනා ඉදිරිපත් කරලා තියෙන අයටත් ගෙවීම් කටයුතු සිදුකරනවා. ජනතාවට අපහසුතා සිදුවන, දුප්පත් ජනතාව රැක බලාගැනීමේ වැඩපිළිවෙල ආණ්ඩුවට තියෙනවා.

විදුලියෙන්, ජලයෙන්, ඉන්ධනවලින් සල්ලි තියෙන අයටත් සහන ලබාදෙන කාලය ඉවරයි. සහන අවශ්‍ය අය රැක බලා ගැනීම තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙල වෙන්නේ.

ආනන්ද සමරකෝන් මහතා ලියපු ජාතික ගීයේ වචනයක් වෙනස් අකුරක් වෙනස් වුනාම හැමෝම කෑ ගහනවා. ඒත් ජාතියක් විනාශ කරපු එක ගැන මේ තරම් කතා කළේ නෑ. රටේ ආර්ථිකය විනාශ වීම් ගැන, මිනිසුන්ගේ බුද්ධිය නැති කරලා, මිනිස්සු මොට මිනිසුන් කිරීම ගැන, රාජ්‍ය දේපල විනාශ වීම් ගැනත් මෙහෙම හිතුවා නම් රටක් විදියට ඉදිරියට යන්න තිබුණා.

ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙක් ලෙස ජාත්‍යන්තර සහාය මේ තරම් ලැබෙන අවස්ථාවක් අපි දැකලා නෑ. ප්‍රංශ ජනාධිපතිවරයෙක් පළමු වතාවට ලංකාවට එන්නේ. ඉන්දියාවේ අගමැතිවරයා හමුවෙලා ආවේ. ජපානයත් අපිට විශේෂ සහායක් ලබාදෙනවා. චීනයත් එකට එකතුවෙලා ලංකාවට සහාය දෙන්න කියලා ලෝකයේ අනෙක් රටවල් කියනවා. නිවරදි විදියට, පාරදෘශ්‍ය විදියට මේ වැඩ කටයුතු සිදුවෙනවා, මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු වෙනවා කියලා ලෝකයම දැන් දන්නවා

අපිට තිබුණේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක්. ඒත් ඩොලර්වලට නෑකම් කියන අය තවමත් හංදි හංදි ගානේ විරෝධතා පවත්වමින් යනවා. ඒ අය කියන කියන විදියට ලෝකය විශ්වාස කරනවා නම් අපේ රටට මේ සහාය ලැබෙන්නේ නෑ. ලංකාවට මේ ලැබෙන සහයෝගය මින් පෙර කවදාවත් ජාත්‍යන්තර වශයෙන් ලැබිලා නෑ.

සමෘද්ධිය හෝ අස්වැසුම ගන්නේ යැපීම් මානසිකත්වය නිසා. මේ මානසිකත්වය වෙනස් කරන්න ඕන. අස්වැසුමට වැරදි විදියට නිර්දේශ කළොත් ඒවා දඩුවම් ලැබිය හැකි වරදක්. මේ මුදල් දුප්පත් අයට ලැබිය යුතු මුදල්. අවුරුද්දකට සැරයක් මේ අය ගැන සලකා බලා ලයිස්තු සකස් කරනවා. මේ මුදල් බැංකු හරහා ලබාදෙන්නේ විනිවිධභාවයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය නිසයි. නිවරදිව තමන්ගේ බැංකු ගිණුමට මුදල් බැර කිරීමට කටයුතු කරනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිවාඩු දිනවලත් වැඩ. මාසයේ මුල් දින දහය තුළදී බැංකු ගිණුම්වලට මුදල් ලැබෙන්න ගත්තම අර්බුදයක්, කලබලයක් ඇතිවෙන්නේ නෑ. දැන් බැංකුවට සල්ලි වැටිලා නෑ කියලා කලබල කරන්න සමහරු උත්සා කරනවා.

ජපාන විදේශ ඇමැතිවරයා දැනට නතර වී තිබෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරලා තිබුණා. ඒ වගේම ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍යවරයාත් ලංකාවට පැමිණ තිබෙනවා. ජපානය හරහා ලබාදීමට නියමිත වැඩපිළිවෙල පිළිබද පසු විපරම් කිරීමට ඔවුන් කටයුතු කරනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහාත්, ලක්ෂයකට ආසන්න පිරිසක් ගෙන්වා ගැනීමටත් කටයුතු කරන බව ඔවුන් පවසා තිබෙනවා. ත්‍රිවිද හමුදාවෙන් විශ්‍රාම ගිය පිරිස් බදවා ගැනීමට කටයුතු කිරීම, පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වැඩපිලිවෙලත් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img