Thursday, November 5, 2026
HomeNEWSඅපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි-ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

අපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි-ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

‘2070 වන විට මීට වඩා විශාල වෙනසක් සමාජය තුළ සිදු වෙනවා. එම තත්ත්වය අධ්‍යපනයට බලපානවා. අපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි. කෘතිම බුද්ධිය වගේම දැන් අලුතින් ඇවිත් තිබෙන ChatGPT තිබෙනවා. කෙසේද එය ඉගෙනුමට බලපාන්නේ. අපට අවශ්‍ය පාසල් කේන්ද්‍රය අධ්‍යාපන ක්‍රමයක් ද, එසේ නොමැති නම් ශිෂ්‍ය කේන්ද්‍රිය ක්‍රමයක් ද, මේ පිළිබඳ අපි තීරණය කළයුතුව තිබෙනවා’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට කටයුතු කරන බව ද පැවසීය.

එම අධ්‍යාපන ක්‍රමවේදය සැලසුම් කිරීම සඳහා නව අමාත්‍ය කමිටුවක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගෙන් එය සමන්විත බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයේ “රහල් සියවස් ප්‍රතාප” සියවස් සැමරුම් උත්සවයට (25) එක් වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...

යුරෝපා ගුවන් ගමන් 08ක් බෝම්බ තර්ජනවලට ලක්ව හදිසියේ ගොඩ බායි

කෝපන්හේගන්, මැඩ්රිඩ්, මිලාන් ඇතුළු ස්ථානවලින් පිටත් වූ යුරෝපා ගුවන් ගමන් 08 ක් අද (05) බෝම්බ තර්ජනවලට ලක්ව ඇති අතර, හදිසි ගොඩබෑම් කළත් මෙතෙක් අනතුරුදායක...

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියට සමුදීමට යයි

නොවැම්බර් 17 න් අවසන් වන තරග විරාමයෙන් පසු, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව, පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img