Thursday, November 5, 2026
HomeNEWSමේ වසරේදී කොරියානු රැකියා 8000ක්.

මේ වසරේදී කොරියානු රැකියා 8000ක්.

මේ වසරේදී කොරියානු රැකියා 8000ක්

ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයින් බදවා ගැනීමට එකගතාවය

මේ වසරේදී ඊ 9 වීසා කාණ්ඩය යටතේ මේ වසරේදී නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා 600ක් – ලබන වසරේදී 900ක්

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) උදෑසන කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුව එකගතාවය දක්වා ඇත.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යවරයා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේදී මේ එකගතාවය පලකර තිබේ.

කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය පලකර තිබේ. ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.

ලබන වසරේ සිට ඊ 9 වීසා ඛාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය දක්වා තිබේ.

ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, දැනට පවත්වන පරිඝනක පදනම්කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බවට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...

යුරෝපා ගුවන් ගමන් 08ක් බෝම්බ තර්ජනවලට ලක්ව හදිසියේ ගොඩ බායි

කෝපන්හේගන්, මැඩ්රිඩ්, මිලාන් ඇතුළු ස්ථානවලින් පිටත් වූ යුරෝපා ගුවන් ගමන් 08 ක් අද (05) බෝම්බ තර්ජනවලට ලක්ව ඇති අතර, හදිසි ගොඩබෑම් කළත් මෙතෙක් අනතුරුදායක...

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියට සමුදීමට යයි

නොවැම්බර් 17 න් අවසන් වන තරග විරාමයෙන් පසු, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව, පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img