Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඅපි ප්‍රබුද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා - සජිත්

අපි ප්‍රබුද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා – සජිත්

අපි ප්‍රබුද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා – සජිත්

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(10) කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ  සම්බන්ධීකාරකවරු හමුවිය.

මැතිවරණයේදී ලබා දුන් සහයෝගය පිළිබදව සිය ස්තූතිය පල කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි කටයුතු පිළිබඳව ද අදහස් දැක්වීය.කොළඹ දිස්ත්‍රික් 

මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජිකයින් හැටියට විශාල කැපකිරීමක් කළා.සීමිත සම්පත් මැද වැඩ කළා.ඊට මාගේ ස්තූතිය.

මැතිවරණයකදී විශාල ධන බලයක් යනවා.නමුත් අපි එහෙම ධන බලයක් නැතිව කැප වුනා.

ආසන සංවිධායකවරු ඔවුන්ගේ නියෝජිතයින් අපි එක්ක විශාල ලෙස කැපවුණා.

අපි තුන් හතරදෙනෙකුගේ කල්ලියක් නෙවේ.අපි ප්‍රබුද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.අපි සෘජු තීරණ ගන්නවා.කෙලින් කතා කරනවා.යම් යම් තීන්දු යම් හෙයකින් පමා වෙනවානම් ඒක වෙන්නේ හොදම තීන්දුව ගන්නයි. සද් ජාතිකත්වය කියන දර්ශනය තුල,අපි වැඩ කරනවා.

අපි මේ රටේ සුවහසක් පුරවැසියන් රකින්න,රටට ජීවය දෙන්න,වගේම හැමෝම භුක්ති විදින සංවර්ධනයක් වෙනුවෙන් කැපවෙනවා.

අපි රට වෙනුවෙන් කළයුතු සියල්ල කරනවා.අපි අභියෝගවලට නොසැලෙස,නිවැරදි කණ්ඩායමක්.එන පළාත් සභා මැතිවරණයට අද සිටම අපි සූදානම් වෙනවා.ජනතාවාදී,ශක්තිමත් හොද කණ්ඩායමක් හරහා අපි ජය මාවතට එමු. මාස දෙකහමාරක් වගේ කෙටි කලක් තුලයි අපි මේ ජයග්‍රහණය ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img