2025 වසරේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්රතිඵලවලට අනුව අපේක්ෂකයින් 8,300 දෙනෙකු විශිෂ්ට සාමාර්ථ (3 As) ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.ඒ අනුව, එම පිරිස අතරට පාසල් අයදුම්කරුවන් 7,477ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 823ක් ඇතුළත්.






















