Tuesday, September 22, 2026
HomeNEWSLatest Newsඅමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්…

අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්…

අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්…

වත්මන් පොදු ජනතාව අප රට තුළ විනිවිද දකින දේශපාලන සංස්කෘතියක් පිලිබඳ අපේක්ෂාවෙන් සිටින බවත් ,ඒ වෙනුවෙන් දේශපාලනඥයින් ද ඊට අනුගත ව ක්‍රියා කළ යුතුව ඇති බවත් ,අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

රට වැටි ඇති මෙම අසීරු අවස්ථාවේ දේශපාලනඥයන් හා මහ ජනතාව අතර විශ්වාසයේ බැඳීමක් අවශ්‍ය ව ඇතැයි කී ඒ මහතා ,එසේ නොවුනහොත් තව දුරටත් විකාර රූපී දේශපාලන වට පිටාවක් පවතිනු ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේබොරලැස්ගමුවේ පැවති සමාජ මාධ්‍ය ජාල ක්‍රියා කාරිකයන් පිරිසකගේ සුහද හමුවකට සහභාගී වෙමිනි .

හෙට්ටිගේ මහතා එහිදී මෙසේද කීය .

සමහර දේශපාලනඥයින් සිතනවාට වඩා වෙනස් විදියකට අද ජනතාව සිතනවා .මෙය තේරුම් ගන්න ඕනෑ .එසේ නැතොත් පැවැත්මක් නෑ .අගමැති තුමාට ජනාධිපති තුමාට රට ගැන හොඳ හැඟීමක් තියෙනවා .එතුමන්ලාට වැඩ කිරීමට සුදුසු වට පිටාවක් හැදෙන්න ඕනෑ

මහජනයාට දේශපාලනය එපා වී තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයින්ගේ වැඩ නිසා .සමහරුන්ට මුල අමතක වෙනවා .දේශපාලනඥයින් පමණක් නොව එවැනි නිලධාරීන් පිරිසකුත් ඉන්නවා .සමහරු කරන්නෙ ගැලපෙන්නේ නැති වැඩ .ඒ එක්කම නැති අවුල් හැදෙනවා .

එවැනි අමන වැඩ ගැන ජනතාව බලන්නේ අප්‍රසාදයෙන් .මාධ්‍යට සම්බන්ධ රටට ආදරය කරන බොහෝ පිරිසක් රටේ පාලනය ගැන ,දේශපාලන ක්‍රියාකාරිත්වය ගැන අවදියෙන් ඉන්නෙ .ඒ අය ජන මතය වෙනස් කරනවා .

රට තුළ විනිවිද දකින දේශපාලන සංස්කෘතියක් පොදු ජනතාව අපේක්ෂා කරනවා .දේශපාලනඥයින් ඊට අනුගතව ක්‍රියා කළ යුතුයි .

දේශපාලනය කරන සමහර අය ජනතාවට බොරු පොරොන්දු දෙනවා . මිනිස්සු ඒවාට හිනා වෙනවා .කරන්න බැරි දේවල් කියනවා .මේ නිසා තමයි දේශපාලනය ගොඩ දෙනෙකුට එපා වී තිබෙන්නෙ .මානව භක්තිය නැති කිසි කෙනෙකුට ජනතා සේවයේ රැඳී ඉන්න බෑ .සමහර අංකුර හා වැඩි හිටි දේශපාලනඥයින් ඉවක් බවක් නැතිව හැසිරෙන බව ජනතාව තේරුම් අරන් ඉන්නෙ .ඔවුන්ට ගුණ ධර්මත් අමතක වෙලා .පරමාදර්ශී පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවකින් එවැනි අය පුනරුත්ථාපනය කළ යුතුයි .

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයින් ද රටේ යහ පැවැත්ම වෙනුවෙන් අවදියෙන් ඉන්න ඕනෑ .රට හදන්න පුළුවන් වෙන්නේ හොඳ මිනිසුන්ගේ එකතුවකින් පමණයි .ධනය බලය තිබෙන බොහෝ දෙනෙකුට මානව භක්තිය නැතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

ශ්‍රී ලංකාවේ නවතම පුවත් සහ සත්‍ය පුවත් | Sri Lanka Latest News Provider | lanka S News | www.lankasnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img