Wednesday, November 11, 2026
HomeNEWSඅම්මලා තාත්තලා අපේ ළඟ නෑ..හැමදාම අපි අහන්නේ කීයටද ගෙදර එන්නෙ කියලා -...

අම්මලා තාත්තලා අපේ ළඟ නෑ..හැමදාම අපි අහන්නේ කීයටද ගෙදර එන්නෙ කියලා – සුව විරුවන්ගේ දරුවන්

කොවිඩ් ආසාදිතයින් සුවපත් කිරීම වෙනුවෙන් මේ වනවිට සිය සම්පූර්ණ කාලයම කැප කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසට සිදුවී ඇත.

ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල දරුවන් අද නිවෙස්වල ගත කරන්නේ හුදකලා ජීවිතයකි. 

“මගේ අම්මා කොවිඩ් වාට්ටුවක සේවය කරන හෙද නිලධාරිනියක්. අපි හැමදාම අම්මගෙන් අහන්නේ කීයටද ගෙදර එන්නේ කියලා. අම්මා එන දවසක් අම්මටවත් හරියටම කියන්න බෑ. කොහොම හරි ආවත්, පැය 5කට 6කට වඩා ගෙදර ඉන්න හමුබවෙන්නේ නෑ. ආපහු වැඩට යනවා. දැන් අවුරුදු එකහමාරක විතර ඉඳන් ෆෝන් එකකින්වත් හරියට කතා කරන්න විදිහක් නෑ. මේ රටේ හැමෝගෙන්ම ඉල්ලන්නේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පරෙස්සම් වෙන්න කියලා. එහෙම වුණොත් අනික් ළමයින්ට වගේම අපිටත් අපේ අම්මලත් එක්ක ඉන්න ලැබේවි,” යනුවෙන් හෙද නිලධාරිනියක පුංචි දියණියක් සඳහන් කළාය.

“අපේ අම්මලා තාත්තලා අපේ ළඟ නෑ. මමයි අයියයි තනියම උයාගෙන කන්නේ. අවුරුදු එකහමාරකින් විතර අපි 4දෙනා එකට ඉඳපු දවසක් මට මතක නෑ,” යැයි තවත් දියණියක් පවසන්නීය.

ජනතාවගේ සුපුරුදු ජීවන රටාව බොහෝසෙයින් වෙනස් කිරීමට මේ වනවිට කොවිඩ් වෛරසයට හැකිවී තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img