අයිතිවාසිකම් භුක්ති විඳිනවා සේම යුතුකම් ඉටුකිරීමට වගබලා ගත යුතුයි -අගමැති
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබේ.
1950 වර්ෂයේ දෙසැම්බර් මස 4 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේ දී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ප්‍රකාශයට පත්කර කෙරිණි.
එහිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවේ 423/5 යෝජනාවට අනුව සියලු සාමාජික රටවල් සහ සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කර තිබේ.
ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් මස 10 වනදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලබන අතර සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම්වලට පවතින අයිතිය සහ සමානාත්මතාවය තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමේ අරමුණයි.
එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව 1955 වර්ෂයේදී මානව හිමිකම් ප්රඥප්තිය පිළිගනු ලැබීය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදට යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අයිතිවාසිකම් භුක්ති විඳින්නා සේම ඒ හා බැඳුණු යුතුකම් ඉටුකිරීමටත් වගබලා ගත යුතු බවය.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ වුවත්, මානව ප්‍රජාවගේ අයිතිවාසිකම් කඩ නොවන පරිදි මුලික අයිතිවාසිකම් මෙන්ම අවශ්‍යතාවන් වෙනුවෙන් රජය කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වේ.
ලොවක් වශයෙන් මුහුණ දී ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීමට මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අයිතිවාසිකම් දිනා ගනිමින් අවශ්‍ය යුතුකම් ඉටු කිරීමට මෙවර මානව හිමිකම් දිනයේ දී අත්වැල් බැඳ ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.






















