Saturday, August 22, 2026
HomeNEWSඅයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි - ආණ්ඩුව පස්ස ගහයි

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.

දෙවැනි හෝ අමතර නිවසක් තිබෙන පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් බද්දක් පැතවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත. කෙසේ නමුත් දේපළ බද්ද හඳුන්වාදීම පිළිබඳ යම් බදු පියවරක් ලබන වසරේ අයවැයට ඇතුළත් කරන්නේද නැද්ද යන්න පිළිබඳවත්, ඒවා අදාළ බදු පියවරයන් ක්‍රියාත්මක කරන නිශ්චිත කාලය සහ වපුරය පිළිබඳවත් රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

සාමාන්‍යයෙන් දේපළවලට බදු අය කිරීම විධිමත්ව සකස් කළ බදු ක්‍රමයක වැදගත් හා ඵලදායි අංගයක් බවත් රජයට ලැබෙන දේශීය ආදායම තවත් ශක්තිමත් කිරීමට එය ප්‍රබල කාර්යභාරයක් ඉටුකරන බවත් එම අරමුදල සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය සපයා තිබෙන බවද එම අරමුදල පැවසුවේය.

ශ්‍රී ලංකාවේ බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ එකක් බවට පත්කිරීම සඳහා “මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක්” සකස් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර තිබෙන බව එම අරමුදල පෙන්වා දුන්නේය.

රජයට නිර්දේශ කර ඇති මධ්‍යකාලීන උපාය මාර්ගය යටතේ නව බදු හඳුන්වාදීම, බදු ගෙවන පිරිස වැඩි කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ ලබාදෙන බදු සහන අවශ්‍යම අවස්ථාවලදී පමණක් ලබාදීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදයෙන් පසුව ඉතා පහළ මට්ටමක පැවති රාජ්‍ය ආදායම සාර්ථකව වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන බවත් මූල්‍ය තිරසාරත්වය තහවුරු කිරීමට සහ ප්‍රමුඛතා වියදම් පියවා ගැනීමට එම ජයග්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

ඉදිරියට යාමේදී මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් මගින් බදු පද්ධතියේ කාර්යක්ෂමතාව, සාධාරණත්වය සහ සරල බව ඉහළ නැංවිය හැකි බවත් එය තිරසාර රාජ්‍ය ආදායම් උත්පාදනයට මෙන්ම ආර්ථික වර්ධනයටද හේතු වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

දේපළ බද්ද යනු පුද්ගලයෙකු සතු ඉඩම්, නිවාස සහ ගොඩනැගිලි වැනි නිශ්චල දේපළවල වටිනාකම මත පදනම්ව අය කෙරෙන සෘජු බදු ක්‍රමයකි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මගින් දැනටමත් දේශීයව තක්සේරු බදු අය කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව මත ජාතික මට්ටමේ පුළුල් දේපළ බද්දක් 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිතව තිබේ. යම් පුද්ගලයෙකු සතු නිශ්චල දේපළ හෝ අමතර දේපළ (පදිංචිව සිටින නිවස හැර තවත් නිවාස) ඉලක්ක කර ගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී ගෙවන වක්‍ර බදු මෙන් නොව, මෙය සෘජු වත්කම් මත පදනම් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති දේපළ බද්ද ලබන වසරේ අයවැය යෝජනාවලට ඇතුළත් කර ඇති බවටත් අතරමැදි වශයෙන් රජයේ ආදායම් ඉලක්ක සපුරා ඇති බැවින් සහ ආදායම වැඩිකර ගැනීමට තවත් මාර්ග තිබීම හේතුවෙන් එවැනි බද්දක් අවශ්‍ය නොවන බව රජයේ මතය වී ඇත.

ලබන වසරේ රජයේ ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා පවතින ආදායම් ප්‍රමාණවත් බවත් ඒ හේතුවෙන් නව දේපළ බද්දක් හඳුන්වාදීමට අවශ්‍ය නොවන බවත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබිණි.

එවැනි බද්දක් පැතවීමට පුද්ගලයන් හිමි දේපළ පිළිබඳ නිවැරදි දත්ත ගබඩාවක් අවශ්‍ය බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බවත් රජයේ මතය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර අදාළ පත්වීම් ලිපිය ජනාධිපති...

අර්චුනා රාමනාදන් සිය වසර දෙකක පාර්ලිමේන්තු ජීවිතයට සමු දෙමින් අවසාන කතාවෙන් සභාව අමතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද තමා සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි. එහිදී තමා විවිධ අවස්ථාවල සිදුකළ ප්‍රකාශයන්ගෙන්...

ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්

බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img