අරලියගහ මන්දිරය අසල පැවැත්වෙන විරෝධතාව අතරතුරදී නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබේ.
එම ස්ථානය ආසන්නයේ දින කිහිපයක සිට නවත්වා තිබූ බස් රථවල ප්‍රදර්ශනය කර තිබූ විරෝධතා පුවරු සහ තාවකාලික ආවරණ කිහිපයක් ඉවත් කිරීමට පොලිසිය අද පෙරවරුවේ පියවර ගෙන ඇත.
එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර එම අවස්ථාවේදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයකින් රැගෙන ගොස් තිබී.
මේ අතර පදික වේදිකාව අවහිර වන ලෙස දින කිහිපයක සිට බස්රථ නවතා තැබීම සහ අධික ශබ්දයෙන් පිරිත් විකාශය කිරීම මගින් ඇතිවන පීඩාකාරී තත්වය පිළිබද නීතීඥවරුන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට උපවාසයේ නිරතව සිටින එක් අයෙකුගේ සෞඛ්‍ය තත්වය පිරිහීම හේතුවෙන් උපවාසය නවතා දමන ලෙස රතු කුරුස සංවිධානයේ සෞඛ්‍ය නිළධාරීන් උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බව වාර්තා විය.
මේ අතර ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාව අද 21 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.






















