අවිස්සාවේල්ල-කොළඹ ප්රධාන මාර්ගයේදී යතුරුපැදියක් කොස්ගම ප්රදේශයේදී අනතුරට ලක්වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබේ.
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ යතුරු පැදියක ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇත.
අනතුරට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ බුලත්කොහුපිටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 28ක තරුණයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.






















