Friday, September 18, 2026
HomeNEWSLatest Newsඅලි මිනිස් ගැටුම නිරාකරණය වන පරිදි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක...

අලි මිනිස් ගැටුම නිරාකරණය වන පරිදි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න…

අලි මිනිස් ගැටුම නිරාකරණය වන පරිදි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න…

බරපතල අර්බුදයක්ව පවතින අලි මිනිස් ගැටුම සමතයකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙයි. 

අද (2020.06.25) පෙරවරුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ දැනට ආරම්භකර ඇති ව්‍යාපෘති සහ ඉදිරියට ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා  අවධාරණය කළේ අවිධිමත් ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීම නිසා වර්තමානය වන විට වනසතුන් ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි.

 මේ හේතුවෙන් අලි-මිනිස් ගැටුම උග්‍ර අර්බුදයක් දක්වා ඔඩුදුවා ඇති අතර, ඉදිරියට සැලසුම් කරනු ලබන ව්‍යාපෘති අලි-මිනිස් ගැටුමට මගපාදන ආකාරයට සැලසුම් නොකිරීමට වගාබලාගන්නා ලෙස ද අග්‍රමාත්‍යවරයා නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය. 

මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහි දී විශේෂ සමාලෝචනයකට  ලක්කෙරුණ අතර ඒ යටතේ වාරිමාර්ග යෝජනා ක්‍රම, පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ව්‍යාපෘති සකස් කිරීම, කෘෂිකර්මාන්තයට ජලය සැපයීම, කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් නිදහස් කිරීම, ජල විදුලිය නිෂ්පාදනය, විදුලිය නිෂ්පාදනය කරන සූර්ය කෝෂ ස්ථාපිත කිරීම, වැව් ප්‍රතිසංස්කරණය, ගංවතුර පාලනය, ජනතාවට කඩිනමින් අත්‍යාවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. 

මෙහිදී අග්‍රමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබූයේ ඉතා අඩු වියදමකින් වැඩි පිරිසකට ඵලදායීතාව ලබා ගත හැකි ව්‍යාපෘති කඩිනම් කොට ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පැවරීමට පියවර ගන්නා ලෙසයි.

 මීට අමතරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පසුගිය රජය යටතේ වසර 5ක් පුරා ක්‍රියාත්මක වූ අක්‍රමවත් ක්‍රමවේදය වෙනුවට ක්‍රමවත් මුදල් පාලනයක් සහිතව ඉදිරි වසර දෙක ඇතුළත ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන්නැයි ද අග්‍රමාත්‍යවරයා තවදුරටත් උපදෙස් දෙනු ලැබීය.

මහ මැතිවරණයෙන් අනතුරුව ඉදිරි අයවැයක දී මෙම නව ව්‍යාපෘති සහ යෝජිත ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඉතා වැදගත් කර්තව්‍යයක් සේ සළකන බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත් අග්‍රමාත්‍යවරයා සඳහන් ක‍ළේය.මෙම අවස්ථාවට මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා (විශ්‍රාමික) ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ නවතම පුවත් සහ සත්‍ය පුවත් | Sri Lanka Latest News Provider | lanka S News | www.lankasnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img