Friday, September 18, 2026
HomeNEWSLatest Newsකුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න.... ජනපති කියයි.

කුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න…. ජනපති කියයි.

කුඩා ව්‍යාපාරිකයාට නැගිටින්න නිදහස දෙන්න…. ජනපති කියයි.

ජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා කියා සිටී.

රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම  හා වෙළෙඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බව ජනාධිපතිතුමා කියා සිටී.

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්‍යවසාස සංවර්ධන අධිකාරියේ සහාය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට ජනාධිපතිතුමාගේ එකඟතාව පළ කෙරිණ. එය එම පිරිස බැඳීම්වලට ලක් කිරීමට නොව අවශ්‍යතා ඉටුකර ගැනීමට දායකවීම සඳහා පමණක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන අනූදහසක්  රට පුරා ඇති අතර, ලක්ෂ හතර හමාරකට අධික පිරිසක් සේවයේ නිරත වෙති. ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වේ.  රූපලාවන්‍ය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ (NVQ) 05,06 සහ 07 අදියර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබුවේය.

ක්ෂේත්‍රයේ ඇති ගැටලු පිළිබඳව අවබෝධකරගෙන සිටීම පිළිබඳව ජනාධිපතිතුමාට රූපලාවන්‍ය ශිල්පීන්ගේ ප්‍රශංසාව හිමි විය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා සහ රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පිරිසක් මීට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img