Friday, May 22, 2026
HomeNEWSඅලි- මිනිස් ගැටුම වැළැක්වීමට විපක්ෂ නායක සජිත් දෙන විසඳුම මෙන්න

අලි- මිනිස් ගැටුම වැළැක්වීමට විපක්ෂ නායක සජිත් දෙන විසඳුම මෙන්න

*අලි මිනිස් ගැටුම වළක්වන්න රට වටේ තුවක්කු නොබෙද මේ දසවදෑරුම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් රජයට යෝජනාවක්*දිනපතාම වන අලි මිනිස් ගැටුම තුළ අප රටේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක් පසකින් මිනිස් සම්පතත් අනික් පසින් වන අලි සම්පතත් අභාවයට යන බවත් එම නිසා වහාම ක්‍රියාත්මක කළ යුතු දසවදෑරුම් වැඩපිළිවෙළක් වත්මන් රජයට යෝජනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඒ යටතේ*01- විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වන අලි සංගණනයක් ක්‍රියාත්මක විය යුතුයි.**02- 2020 වසරේ වන අලි මිනිස් ගැටුම අවම කරන්න නිර්මාණය කළ ජාතික සැලසුම වහාම ක්‍රියාත්මක කළ යුතුයි.**03- මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කර විවිධ ආයතන හා අමාත්‍යාංශ සම්බන්ධීකරණය කර 2020 ක්‍රියාකාරි සැලසුම ඉදිරියට ගෙන යා යුතුයි.**04- ඇතුන් සංරක්ෂණය කරන ආරක්ෂා කරන විශේෂ බලකායක් නිර්මාණය කළ යුතුය.*අප රටේ අලි පරපුරෙන් 6-7% අතර ප්‍රමාණයක් ඇතුන් සිටින බවත් කෙන්යාවේ අහමඩ් නම් ඇතා සුරක්ෂිත කරන්න විශේෂ වූ බලකායක් නිර්මාණය වූ ආකාරයට අප රටේ ඇත් පරපුර වෙනුවෙන් මෙවැනිම බලකායක් නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.*05- වනඅලි මිනිස් ගැටුම අවම කරන්නට කටයුතු කිරීමේ දී දත්ත කේන්ද්‍රීයව ක්‍රියාත්මක විය යුතුය.*අප රටේ භූමියේ මෑතකදී පැවැත්වූ අලි සංගණනය හරහා අලින් 5879ක් සිටින බවට වාර්තා වන බවත් පරිපාලන දිස්ත්‍රික්ක 25 අතරින් 19ක් වන අලි මිනිස් ගැටුම නිසා ගැටලුවකට පත්ව ඇති බවත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 341න් 131ක මේ ගැටුම පවතින බවත් වනෝද්‍යානවල රක්ෂිතවල සිටින්නේ අලින්ගෙන් 30%ක් බවත් 70% මිනිසුන්ගේ භූමියේම සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 30%ක් අලි ඉන්න රක්ෂිත යනු රටේ භුමියෙන් 18%ක් බවත් මේ දත්ත හදුනාගෙන ප්‍රායෝගික හා කාර්යක්ෂම වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*06- අලි මිනිස් ගැටුම නිසා ජිවිත හානි, දේපල හානි, වගා හානි විශාල ලෙස සිදුවන නිසා නිසි රක්ෂණ හා වන්දි ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි.**07- මීට වසර කිහිපයකට පෙර යෝජනා කළ Project Elephant, Project Leopard, Project Whale වැනි ජාතික වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ යුතුයි.**08- හරිත කේන්ද්‍රීය හා වනජීවී සංරක්ෂණ කේන්ද්‍රීයව ආධාර ලබා ගත හැකි නිසා මේවා කෙරෙහි අවධානය යොමු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*දුම්රිය මාර්ගවල ඇතිවන අනතුරුවලින් අලින් අකරතැබ්බවලට මුහුණ දීම වළක්වා ගැනීමට විශේෂිත තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ හැකි බවත් විදේශ රටවල ක්‍රියාත්මක වැඩසටහන් අප රටට ලබා ගැනීමට හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.වන අලින් ගිලන් වූ පසු සත්කාර සැපයිය හැකි ජංගම රෝහල් වැඩසටහනක් ආරම්භ කළ හැකි බවත් ඉන්දියාවේ අම්බානි මහතා ක්‍රියාත්මක කරන වැඩසටහන වැනි වැඩසටහනක් ජාත්‍යන්තර ආධාර මත ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*09- වන ජිවී ක්ෂේත්‍රයේ ඇති මානව හා භෞතික සම්පත් හිගතාවට පියවීමට කටයුතු කළ යුතු යි.*වනජීවි නිලධාරීන්ට ඉහළ පුහුණුවක් ලබා දී වන සංරක්ෂණ වැඩපිළිවෙළ පරිණත ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.*10- පරිසරය, වනජීවී සංරක්ෂණය කේන්ද්‍ර කර ගත් දැනුම ලබා දෙන නූතන මට්ටමේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ යුතු යි.*ඒ යටතේ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් පරිසර කේන්ද්‍රීය සංරක්ෂණ වැඩසටහන් හරහා සංචාරක ක්ෂේත්‍රය ද ඉහළ නැංවිය හැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.මේ පියවර කෙරෙහි අවධානය යොමු කර කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මැතිවරණ සමයේ රජය ඉදිරිපත් කළ පරිසර පොරොන්දු මාලාවට පටහැනි ලෙස අද කටයුතු කරන බවත් වගා හානි ජිවිත හානි දේපල හානි අලි ඇතුන්ගේ ජිවිත හානි වැළැක්වීමට විසදුම රට වටේ තුවක්කු බෙදීම නොවන බවත් මේ සැවොම ආරක්ෂා කර ගත හැකි විසදුමකට යන ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රජා නායකත්ව ප්‍රජා කේන්ද්‍රිය ප්‍රජා සහභාගී සැලසුමක් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.අලියෙක් මැරුණම හෝ ඝාතනයත් සමග මිනිස් ජීවිත අහිමි වීමත් සමග කාලයෙන් කාලයට කතා වෙන මාතෘකාවක් බවට පත් නොකර විධිමත් සැලසුමක් තුළ කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🐘 https://youtu.be/Ann5SmSu9Mk?si=Qh0gOenBIqjBEiMr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img