Monday, November 9, 2026
HomeNEWSඅවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තරුණයා

අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තරුණයා

තිදෙනකු ගමන් ගත් යතුරු පැදියක් අද (07) අලුයම 1ට පමණ බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී ගේට්ටුවක් සවි කර ඇති කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිය පැදවු පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

අනෙක් දෙදෙනා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ හසලක මහා අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් කුමාර විජේසිංහ නැමති වයස අවුරුදු 24ක විවාහක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සිය ස්වාමියාගේ මරණය දරා ගත නොහැකිව හඬා වැළපෙන අයුරු එහි ගිය අප වාර්තාකරුවන්ට දක්නට ලැබුණි.

“මම නනා හිටියේ. එයා මාව ගෙදර දාලා ගියා එන්නම් කියලා…මගේ රත්තරන්ව බලන්න එක්කන් යන්න මට එයාව බලන්න ඕනේ…”

පොකුණුවිට ප්‍රදේශයේ සංගීත සන්දර්ශනයක් නරඹා හොරණ පානදුර මාර්ගය හරහා යළි බණ්ඩාරගම නවාතැන්පොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් දහයක් පමණ පැති කාණුවක් දිගේ පැමිණ අනතුරුව  කොන්ක්‍රීට් කනුවේ ගැටී එම අනතුර වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. 

ගේට්ටු කණුවේ යතුරුපැදිය ගැටීමට පෙර පිටුපස ගමන්ගත් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා යතුරු පැදියෙන් විසි වී ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් යතුරු පැදියේ ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී ඇත.

අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිවිසුම් කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් බිලියන 30කට ආසන්නයි – COPE කමිටුවේදී අනාවරණය වෙයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5)...

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img