Wednesday, November 11, 2026
HomeNEWSඅසාද් සාලි ගොනුකළ පෙත්සම සලකා බැලෙන විනිසුරු මඩුල්ලේ තවත් සාමාජිකයෙක් ඉවත්වෙයි

අසාද් සාලි ගොනුකළ පෙත්සම සලකා බැලෙන විනිසුරු මඩුල්ලේ තවත් සාමාජිකයෙක් ඉවත්වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම කල් තැබුණි.

එම පෙත්සම අද (10) සලකා බැලීම සඳහා මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ. එච්. එම්. ඩී නවාස් මහතා සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත තමන් එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ, ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් අසාත් සාලි මහතාට එරෙහිව දැනටමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.

එම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රය මෝසමක්  මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා  දැනුම් දුන්නේය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කර ලෙසත් තමන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් අසාත් සාලි මහතා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img