පවතින කිරිපිටි හිඟය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්විමේදී තීරණය වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ, වෙළෙඳ පොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව ඊයේ (09) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී අවධානය යොමු වූ බවය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර කිරිපිටි මිල ඉහළ දැමීමකින් තොරව ප්‍රමාණවත් කිරිපිටි තොග දේශීය වෙළෙඳපොළට සැපයීම තහවුරු කර ගැනිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලයේදී තීරණය වී තිබේ.
කිරිපිටි ආනයනය කිරීම සඳහා දැනට පවතින බදු අනුපාත සංශෝධනය කිරිම මඟින් හෝ වෙනත් සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මඟින් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව එහිදි තීරණය වී ඇත.






















