Monday, September 21, 2026
HomeNEWSඅසිරිමත් නත්තල උදාවෙයි

අසිරිමත් නත්තල උදාවෙයි

අසිරිමත් නත්තල උදාවෙයිඅසිරිමත් නත්තල උදාවෙයි සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදුනොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද මෙවර නත්තල් සැමරීම සිදුකෙරුණි.අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව මෙහෙය රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණි.ඒ සඳහා ලොව නන්දෙසින් විශාල කිතුණු බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.මේ අතර නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණි.නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පැවසුවේ, සමාජය පිරිසිදු කිරීමට තණ්හාව දුරු කළ යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img