Monday, September 21, 2026
HomeNEWSහිටපු ජනපති මහින්ද යළි කොළඹ පදිංචියට

හිටපු ජනපති මහින්ද යළි කොළඹ පදිංචියට

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ යළි කොළඹ ප්‍රදේශයේ නිවසක පදිංචි වී ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළා. දැනට සතියකට පමණ පෙර සිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇති බව ඔහු පැවසුවා. දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමට සහ අවශ්‍ය වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ කටයුතුවලට පහසු නිසා මෙසේ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති බවයි මනෝජ් ගමගේ සඳහන් කළේ. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස ඇතුළු ඇතැම් පහසුකම් එම පනතෙන් අහෝසි කර තිබුණා.ඉන් අනතුරුව කොළඹ 07 විජේරාම පෙදෙසේ රජයේ නිල නිවසින් පසුගිය සැප්තැම්බර් 11 වැනි දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉවත් වුණා. ඔහු තංගල්ලේ කාල්ටන් නිවසේ මාස තුනකට වැඩි කාලයක් රැඳී සිටියා. ඉන් අනතුරුවයි පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img