Saturday, October 24, 2026
HomeNEWSආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මහජනතාවට තාවකාලිකව වැසේ

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මහජනතාවට තාවකාලිකව වැසේ

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මහජනතාවට තාවකාලිකව වැසේ

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස අද (02) සිට නැවත දැනුම්දෙනතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් ලබාගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනයන්හි පෙරවරු 8 සිට පස්වරු 4.30 දක්වා පහත දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපැල මගින් අදාළ අංශ හා සම්බන්ධ වී උපදෙස් ලබා ගන්නා ලෙස දන්වා ඇත.

ගමන් බලපත් අංශය – 0707101060, 0707101070

පුරවැසි අංශය – 0707101030

විදේශ දුත මණ්ඩල අංශය – 0115329233, 0115329235

වීසා අංශය – 0707101050
                     dcvisa@immigration.gov.lk
                     acvisa1@immigration.gov.lk
                     acvisa2@immigration.gov.lk
                     adcvisa@immigration.gov.lk

තොටුපළ අංශය – 0777782505

පොදු උපදෙස් හා තොරතුරු www.immigration.gov.lk

මහනුවර, වව්නියාව, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය අවස්ථාවලදී ගමන් බලපත්‍ර ලබාදීම සඳහා විවෘතව තැබේ.

ඒ අනුව, රට තුළ පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට යටත්ව 0707101060, 0707101070 යන දුරකථන අංක මගින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන ඉහත ප්‍රාදේශිය කාර්යාල වෙත යොමුවන ලෙසට දන්වා ඇත.

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල මහජනතාව මෙම අවස්ථාවේදී ඉහත ප්‍රාදේශිය කාර්යාලයන් වෙත පැමිණිමෙන් වළකින ලෙසද දන්වා තිබේ.

එමෙන්ම සේවාවන් ලබාදීම පවතින වසංගත තත්ත්වය හමුවේ රජය විසින් වරින්වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ, ඇඳිරිනීතිය පැනවීම, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ තීරණයන්ට යටත් වන බවද, ඒ අනුව සේවා ලබාදීම පිළිබඳ තීරණ වරින්වර සංශෝධනය කිරීම්වලට යටත්වන බවද නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img