මාධ්ය නිවේදනයයි
කෘෂිකර්මාන්තයට ඉඩම් ලබාදීම නිසා මහත් ආන්දෝලනයකට තුඩු දුන් දිවුලපතාන අයිලෙත්තමඩු ප්රදේශයේ කිරි ගොවින්ගේ ගැටළු සොයා බැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විශේෂ කණ්ඩායමකුත් සමග එම ප්රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක් වුහ.
මෙම ඉඩම් කෘෂිකර්මාන්තය සදහා ලබාදීම නිසා කිරි ගොවින්ගේ තෘණ භුමි විනාශ වී යන බවට පසුගිය දිනවල දැඩි විරෝධයක් පැවති අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන්ද අවස්ථා කිහිපයකදීම මේ පිළිබදව ආණ්ඩුකාරවරියගේ අවධානය යොමු කළ අතර පාර්ලිමේන්තුවේදි පවා ඒ ගැන හඬ නැගූහ. එම නිසා ආණ්ඩුකාරවරිය කිරි ගොවින්ට ඇති එම සැබෑ ප්රශ්ණ හදුනා ගැනීම සඳහා මෙම විශේෂ කණ්ඩායමද රැගෙන එම ප්රදේශයේ සංචාරයට එක් වූහ.
මෙම සංචාරය සදහා ආණ්ඩුකාරවරිය සමග පේරාදෙණිය විශ්ව විද්යාලයේ සත්ව විද්යාව පිළිබඳ අධ්යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්.බී.පී. කුමාර මහීපාල, නැගෙනහිර පළාත් පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය එෆ්.ඒ.ෆසි, පළාත් පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඩකලපු දිස්ත්රික් අධ්යක්ෂ ආචාර්ය උදයරාණි, මිල්කෝ ආයතනයේ ප්රාදේශිය කළමණාකරු කුලසුරිය, මිල්කෝ ආයතනයේ මඩකලපු දිස්ත්රික් සහකාර කළමණාකරු ලනිල් දිසානායක, මහවැලි අධිකාරියේ මාදුරු ඔය ව්යාපෘති අධ්යක්ෂක නිලන්ත, මහවැලි අධිකාරියේ ප්රදේශිය කළමණාකරු කැළුම්, මහවැලි අධිකාරියේ ජේෂ්ඨ ඉංජිනේරු ඒ.එම්.ඒ.කේ.සෙනවිරත්න සහ කිරාන් ප්රාදේශිය ලේකම්වරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුහ.
එහිදි ආණ්ඩුකාරවරිය සහ මෙම පිරිස කිරි ගොවින් සමග දීර්ඝ ලෙස මෙම ගැටළුව නිරාකරණය කරගැනිම සදහා සාකච්ඡා පැවැත්වුහ. කෘෂිකර්මාන්තයට ඉඩම් බෙදා දි කිරි ගොවින්ගේ තෘණ භුමි ආරක්ෂා කරගැනිම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි මෙහිදි දැඩි අවධානයක් යොමු කළේය.
මෙම සාකච්ඡාවේදි ආණ්ඩුකාරවරිය කියා සිටියේ රට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීමට නම් එහි ප්රතිලාභ සෑම පුද්ගලයෙකුටම ලැබිය යුතු බවයි. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී සියලු දෙනාගේ අදහස් ලබාගැනීම අනිවාර්ය බව ද ආණ්ඩුකාරවරිය එහිදි කීවාය.
ඔවුන්ගේ ගැටළු සොයා බැලීම සඳහා පළාත නියෝජනය කළ ආණ්ඩුකාරවරයෙකු එහි ගිය පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. කිරි ගොවීන් දෙසීයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
දීර්ඝ කාලයක පටන් පැවති මෙම ගැටලුවට මෙතෙක් ස්ථිරසාර විසඳුමක් නොවීම හේතුවෙන් ආණ්ඩුකාරවරිය එම ගොවීන් ජීවත්වන ප්රදේශයටම ගොස් ඔවුන්ගේ ගැටලූ සොයා බැලීමට කටයුතු කළාය. එම ගොවීන්ගේ ගැටලු සඳහා නව ක්රමවේදයන් යටතේ ස්ථිර විසඳුම් සෙවීම කෙරෙහි ආණ්ඩුකාරවරිය ගේ දැඩි අවධානය යොමු වූවාය.
මාදුරුඔය සංවර්ධන ව්යාපෘතිය යටතේ ගව පාලනය සිදු කරන ජනතාවගේ මෙන්ම හේන් ගොවිතැන් කරන ජනතාවට ද ගැටලු රැසකට මූහුණ දීමට සිදුව තිබේ.
එම ගැටළු සඳහා ස්ථිරසාර විසඳුම් මෙතෙක් ලබා දීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් ආණ්ඩුකාරවරිය සමඟ මෙම ගැටලු සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ.






















