Sunday, August 23, 2026
HomeNEWSආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් -...

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2021.02.13 පස්වරුවේ අවධාරණය කළේය.

රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

දීර්ඝ කතා කිහිපයක් ඔබ ඇහුම්කම් දුන්නා. කියන්න උවමනා සියලු දේ අපේ ඇමතිතුමත් කිව්වා. ඒ කෙසේවෙතත් මේ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කරන්න අවස්ථාවක් ලැබුණ එක ගැන මම සන්තෝෂ වෙනවා. අපි ගමකට සේවය කරනවා නම් ඒ සේවය ලබා ගන්නා තැන හොඳට තියෙන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ.

සේවයක් කරන්න සේවය කරන ස්ථානය බලපානවා. අද සභාපතිතුමාට නව ගොඩනැගිල්ලක් ලැබිලා තියෙනයා. මෙහි එන ජනතාවට වුණත් ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා හොඳ පරිසරයක් තුළ ඉඳගෙන තම සේවාව කරන්න මෙහි සේවකයන්ට පුළුවන් කම තිබෙනවා. සේවාව ලබා ගන්නා තැනත්තාටත් ඒ පහසුව ලැබෙනවා. 

මේ වගේ සභාපතිවරයෙක් ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද තමන්ට රජයෙන් සහ අනෙකුත් අංශවලින් ගත හැකි හැම උදව්වක්ම අරගෙන තම ප්‍රදේශය සංවර්ධනය කරන්න ගරු ඇමතිතුමන්ලා, මන්ත්‍රිතුමන්ලා සමඟ එකතු වෙලා මෙතුමා කටයුතු කරලා තියෙනවා. 

අපි අද වෙනකොට ආණ්ඩු බලය අරගෙන අවුරුද්දක් වගේ කෙටි කාලයක්. හාමුදුරුවනේ ඒ කාලයෙනුත් මාස හතරක් වගේ තමයි ආණ්ඩුව කරන්න පුළුවන් උනේ. අනෙක් කාලය ගැන පසුගිය කාලයේ තිබුණ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.   

කෙසේ වෙතත් අද විශේෂයෙන් නගරයට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. ගමට නගරයේ තිබෙන පහසුකම් ලබා දීම අපේ වගකීමක් හා යුතුකමක්. ඒ කාර්ය අපි ඉටු කරනවා. 

කෙනෙකුට වතුර ටික, විදුලිය, මහා මාර්ග ලබා දෙන්න පුළුවන් නම් සියලු කටයුතු වලින් ගමක් දියුණු කරන්න පුළුවන් කම තියෙනවා. එමගින් පළාතක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කාර්යභාරයට අප මුල් තැන දී කටයුතු කරනවා. 

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැය 15 ක් විතර වැඩ කරන නායකයෙක්. ඇත්ත කියන්න ඕන එච්චර නම් මම වැඩ කරන්නෙ නැහැ. නමුත් එතුමා ඉඳගෙන මේ සියලු ආයතන ගැන, පළාත් පාලන ආයතන ගැන, අවබෝධයක් ඇතිව තමයි තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන්නෙ. ඒ නිසා අපි ඉන් ප්‍රයෝජනය ගන්න ඕන. 

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් ලෙස මම දකිනවා. එහෙම නැතිව ඇමතිවරු පත්කරලා, මන්ත්‍රිවරු පත්කරලා, සභාවක් ගොඩ නගලා, මන්ත්‍රිවරු පත්කළා දැන් අපට වැඩේ කෙරෙයි කියලා පැත්තකට වෙලා ඉන්න ගියොත් ඉන් පළාතට වගේම තමන්ටත් පාඩුවක් වෙන්නෙ. 

ඒ නිසා තමන් පත් කරන මන්ත්‍රිවරයා, තමන් පත් කරන සභාපතිවරයා, තමන්ගේ දේශපාලන නායකයෙකු ලෙස පත්කරගත්තට පස්සෙ ඔබේ වගකීම තමයි ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රදේශය සඳහා ඔවුන් ලවා වැඩකරවා ගැනීම, එය කර ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. ඒ අයිතිය ඔබ පාවිච්චි කරයි කියන විශ්වාසය අපට තියෙනවා. 

තමන්ගෙ පළාත දියුණු වුණොත් තමයි අවට තිබෙන අනෙක් පළාත් දියුණු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා මම සංන්තෝෂ වෙනවා මේ ස්ථානයට ඇවිල්ලා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය. 

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අනූප පැස්කුවෙල්, සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, බේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img