මාධ්‍ය නිවේදනයයි
පසුගිය දශක හතරක පමණ කාලය තුළ නැගෙනහිර පළාතේ පැවති ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම් හා වෙනත් අවිධිමත් හා හා නෛතික සංසිද්ධීන් හේතුවෙන් විවිධ අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව බ්‍රහස්පතින්දා (11) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වූහ.
එහිදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නොවිසඳුණු ගැටලු විශාල ප්‍රමාණයක් කෙරෙහි කමිටුවේ අවධානය යොමු වූහ.
ඉඩම් ගැටලු, අලි මිනිස් ගැටුම, නිවාස, අධ්‍යාපන ඇතුළු බොහෝ ශ්‍රේෂ්ත්‍රවල ගැටළු ප්‍රාදේශීය ලේකම්වරුන් කමිටුව වෙත ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.
එම ගැටළු සඳහා අවශ්‍ය නිර්දේශයන් ඉදිරි මාස තුනක කාලය තුළ කමිටුවේ ගැඹුරු අධ්‍යයනයකින් පසු ආන්ඩුකාරවරිය වෙත ලබාදීමට ද නියමිතය.
ඒ සඳහා එම කමිටුවේ සභාපති යසපාල නානායක්කාර ,කමිටුවේ ලේකම් හෙලන් මීගස්මුල්ල, සාමාජික ඒ මොහාන් රාජ්ඇතුළු පිරිසක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශණ පාඩිකෝරාල,ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ






















