Monday, September 14, 2026
HomeNEWSආණ්ඩුවේ සැලසුමක් ගැන සංවර්ධන නිලධාරීන්ගෙන් අනාවරණයක්

ආණ්ඩුවේ සැලසුමක් ගැන සංවර්ධන නිලධාරීන්ගෙන් අනාවරණයක්

රට පුරා සිදුකරන සමීක්ෂණ මඟින් සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම් සහිත පුද්ගලයින් සංඛ්‍යාව කපා හැරීමට රජය ක්‍රියා කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ආර්.එම් රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ, සුදුසුකම්ලාභීන් තෝරා ගැනීම සඳහා බව පවසමින් තම නිලධාරීන් යොදවා රජය සමීක්ෂණයක් සිදුකරන බවය.

“සුබ සාධන ලැබීමේ සුදුස්සන් තේරීම – 2022” ලෙස නම් කර ඇති එම සමීක්ෂණය ට විරෝධය පා මේ වනවිට වැඩවර්ජනයක් දියත් කර ඇතැයි ද රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සමීක්ෂණය සිදුකරන ලෙසට තම සංගමයට දිගින් දිගටම බලපෑම් සිදුකරන බවය.

“සමාජ සුභසාධන මණ්ඩලයේ සභාපතිවරයා, අපිත් එක්ක කරපු සාකච්ඡාවේ දී හරි පැහැදිලිව ඉදිරිපත් කළා ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ සුබ සාධන විශාල ප්‍රමාණයක් කපා හරින්න කියලා. අපේ ජනතාවට දැනට ලබාදෙමින් තිබෙන විශේෂයෙන්ම සමෘද්ධි සහනාධාරය, වැඩිහිටි දීමනාව, පිළිකා දීමනාව වැනි සමාජ ප්‍රතිලාභ එහෙම නැත්නම් සමාජ සුබ සාධන දීමනා ඒ සියල්ල ලෝක බැංකු උපදෙස් පිට කපාහැරීමට තමා මේ සුදානම් වෙන්නේ. නමුත් මේක අර්ථ කථනය කරන්නේ සමාජ ප්‍රතිලාභ ලබාදෙන විදියට. අනිවාර්යයෙන්ම මේ සමීක්ෂණය කරලා ඉවර වුණාට පස්සේ විශාල ප්‍රතිලාභ කප්පාදුවක් මේ රට තුළ සිදුවෙනවා. එය 70% – 80%ක් විය හැකිය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img