ජනතා ප්රශ්න වලට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව තමන්ගේ නොහැකියාව දිනෙන් දින මොහොතින් මොහොත ඔප්පු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය . “ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරනු – මානව නිදහස සුරකිනු” මැයෙන් සමගි ජන බලවේගය,විසින් කඩවත නගරය්රෙදී අද(13) නිහඬ විරෝධතාවක් පැවැත්වීය. ඒ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙනි.
අධ්යාපනය කබලෙන් ලිපට වැටී ඇති බවත් ,ගුරුවරුන් මෙන්ම ලක්ෂ සංඛ්යාත සිසු පිරිසක් ද බලවත් අසාධාරණයකට ලක්ව සිටින බවත් ඒ මහතා පැවසීය .පොහොර ප්රශ්නය උග්ර වී ඇති අතර ,කොරොනා ව්යසනය දිනෙන් දින රට අගාධයකට රැගෙන යමින් තිබේ.බඩු මිලට විසදුම් නැති අතර තෙල් මිලට විසදුම්ද ජනතාවට සහන පැකේජයක් ද නැත.
ජනතා අපේක්ෂාවන් සුණු විසුණු වී ඇති අතර
ආණ්ඩුව කොරෝනාවට මුවාවී මේ රටේ පුරවැසියන් ත්රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.






















