Thursday, October 29, 2026
HomeNEWSඇමති ජී.එල් පීරිස් සීයා ට කරුණු කාරණා තේරුම් කරදී අපි ඔයාලට උගන්වන්න...

ඇමති ජී.එල් පීරිස් සීයා ට කරුණු කාරණා තේරුම් කරදී අපි ඔයාලට උගන්වන්න එන්නම් – ගුරුවරයෙක් සිසුන්ට තැබූ සටහනක්

විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවටගෙන නිරෝධායනයට යොමුකිරීමේ සිද්ධිය පිළිබඳ ලංකා ගුරු සංගමය අද (13) කොළඹ යුරෝපා සංගම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඊයේ ඔවුන් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ලිඛිතව දැනුවත්කිරීමටද පියවරගනු ලැබීය.  

මේ අතර අදාළ සිද්ධියට විරෝධය පා ගුරු සංගම් ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අදත් සිසුන්ගේ මාර්ගගත අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩපණ වුණි.   

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ඉකුත් ජූලි 8 වැනිදා විරෝධතාවයේ නිරත වු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 33 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පසුව ඇප මත ඔවුන්ව මුදාහැරිය ද  පොලිසිය ඔවුන් මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යනු ලැබීය.

ඊට විරෝධය දක්වමින් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 14ක් ඊයේ සිට ඔන්ලයින් අධ්‍යාපන ලබා දිම, උසස් පෙළ විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීම හා ප්‍රාදේශිය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන රාජකාරිවලින් ඉවත්විය.

එම වර්ජනය හේතුවෙන් අද දිනයේදි දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනිමට හැකියාව නොලැබුණි.

ඇතැම් ගුරුවරුන් සටහන් තබමින් දරුවන් මේ පිළිබදව දැනුවත් කර තිබුණි.

(උපුටාගැනීම) 

දරුවනේ 12 වෙනිදා සිට නිවාඩුයි 

ආදරණිය දුවේ , පුතේ 

“කොවිඩ් නිවාඩුවේදී අපට හැකි පමණින් හා හැකි ආකාරයෙන් ඔබට ඉගැන්විමට අපට හැකිවිම ගැන සතුටුයි අපි ඒවා කළේ මුදල් බලාගෙන නොවෙයි ඔබට ඇති ආදරය නිසයි එත් 12 වැනිදා සිට අකමැත්තෙන් වුණත් සියලු ඉගැන්විම්වලින් ඉවත්වීමට අප තිරණය කර තිබෙනවා අපිත් එක්ක තරහවෙන්න එපා.

අපිටත් ඔබටත් උදව් නොකරන අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් සීයාටත් කරුණු කාරණා තේරුම් කරලා දුන්නට පස්සේ අපි ඔයාලට උගන්වන්න එන්නම් එතකන් මෙතෙක් කරපු ඉගැන්වීම් නැවත බලා ගෙන සතුටින් හා විනෝදයෙන් එසේම පරිස්සමින් ඉන්න..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img