Sunday, November 8, 2026
HomeNEWSආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් බැංකු හරහා ලබාදීමට පියවර

ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් බැංකු හරහා ලබාදීමට පියවර

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරවන්ට අවශ්‍ය ඩොලර් බැංකු හරහා ලබාදීමට මහ බැංකු අධිපතිවරයා විසින් පොරොන්දුවූ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (24) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

“අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අවශ්‍යකරන ඩොලර් බැංකු මගින් ලබාදීලා.. අවශ්‍ය ආනයනය කිරීම් සාර්ථකව නොකඩවා කිරීමට අවස්ථාව ලබාදෙනවා කියලා.. මහ බැංකු අධිපතිවරවයා පොරොන්දු වුණා.” 

“සාමාන්‍යයෙන් මාසෙකට අමෙරිකානු ඩොලර් මිලියන 100 -125ත් අතර ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අපිට අවශ්‍ය වෙනවා.”

“ආනයනකරුවන්වත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා. ඒ අවශ්‍ය කරන මුදල් ලබාදීලා සාර්ථකව මේ වැඩපිළිවෙල හරියට කරන්න අවස්ථාව ලබාදෙනවා කියන එක.” 

“පසුගිය කාලය තුළ ඇතැම් ආනයනකරුවෝ වෙනත් මාර්ගවලින් භාණ්ඩ ආනයනය කිරීමට පෙළඹුනා. ඒ වගේම උන්ඩියල් ක්‍රම වගේ වෙනත් ක්‍රම හරහාත්.”

“නමුත් දැන් අපි හිතන්නේ ඩොලර් එකට තියෙන වටිනාකම ස්ථාවර කර ගන්න. ඒකට බැංකු තුළින් කරන ගනුදෙනුවලින් අපිට හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මහ බැංකුව කිව්වේ ඒ සියලු ගනුදෙනු බැංකු හරහා කරන්න අවශ්‍ය කරන ඒ මුදල් ලබාදෙනවා කියලා. ඒ නිසා විශාල ප්‍රශ්නයක් අපිට විසඳගන්න පුළුවන් වුණා.”  

“පසුගිය මැයි 6 වෙනිදා මහ බැංකුව මගින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා සියලුම ආනයනි බැංකු නොවන කටයුතු ගෙවීම් නවත්තන්නෙ කියලා මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන කරුවන් දැඩි අපහසුතාවට පත් වුණා එයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.” 

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ ලංකා සතොස හරහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට කටයුතු කරන බවත් ඒ තුළින් වෙළෙඳපොළේ භාණ්ඩ සුලබ කිරීමට තමන් කටයුතු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img