ශ්‍රී ලංකාව මේ වනවිට ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රජයේ වාර්ෂික ආදායම මෙන් දසගුණයක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා විගණන සේවා සංගමය පවසයි.
නිර්පාක්ෂික අරගලකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ප්‍රධානීන් වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් ඒ බව දැනුම්දී තිබේ.
ඒ අනුව ජන රජයේ සාමාන්‍ය දළ ජාතික නිෂ්පාදනය ද ඉක්මවා යනපරිදි විදේශීය ණය ලබාගෙන ඇති අතර ඒක පුද්ගල ණයබර රුපියල් දසලක්ෂය දක්වා වැඩිවී ඇති බවද සඳහන් කරයි.
අවස්ථාවාදී පෞද්ගලික අරමුණු පෙරදැරිව මූල්‍ය පාලන නීති ක්‍රියාත්මක කිරීම සඳහා විධායකය කටයුතු කිරීම හේතුවෙන් පසුගිය දශක කිහිපය තුළ උක්ත තත්ත්වය ක්‍රමිකව ව්‍යුත්පන්න වී ඇති බවද ශ්‍රී ලංකා විගණන සේවා සංගමය අනාවරණය කරයි.
ඒ අනුව අර්බුදකාරී තත්ත්වය සමනය කරගැනීම සඳහා කෙටිකාලීනව ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවද යෝජනා කර තිබේ.
වැඩි විස්තර පහතින්,

























