ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝග ජයගැනීම සඳහා මැලේසියාවේ උපරිම සහාය හිමිවන බව මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මැලේසියානු අග්‍රාමාතවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර පැවති සාකච්ඡාවේදී මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව විජිත හේරත් අමාත්‍යවරයා සිය x ගිණුමේ දක්වා ඇත. එම x ගිණුම පහත දැක්වේ.මැලේසියානු අගමැති ගරු දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් මහතා අගමැති කාර්යාලයේ දී අද (10) හමුවීමට ලැබීම ගෞරවයක්. මෙම හමුව සිදු වූයේ ය 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට මා මැලේසියාවේ නිරත සංචාරය අතරතුර දී ය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර දිගුකාලීන පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අපි ඵලදායී සාකච්ඡාවක නිරත වූයෙමු. විශේෂයෙන් මැලේසියාවේ විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමට සලකා බලන ලෙස අගමැතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටීමට ද මම මෙය අවස්ථාවක් කර ගතිමි. ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය වඩාත් ශක්තිමත්ව තහුවරු කිරීමට ද අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා බලාපොරොත්තු වන බව මෙහි දී පෙන්වා දුන්නේ ය. ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන සෑම ධනාත්මක පියවරයක් සඳහාම සිය ආශිර්වාදය හිමි වන බවත් ඔහු අවධාරණය කළේ ය.























