Wednesday, November 11, 2026
HomeNEWSආර්ථීක මධ්‍යස්ථාන විවෘතයි - ජංගම වෙළෙඳුන්ටත් අවස්ථාව

ආර්ථීක මධ්‍යස්ථාන විවෘතයි – ජංගම වෙළෙඳුන්ටත් අවස්ථාව

අද (24) සහ හෙට (25) යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම සඳහා පමණක් මෙම දින දෙක තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවය.

ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න අද සහ හෙට යන දෙදින තුළ ආර්ථික මධයස්ථාන වෙත රැගෙන ඒමට හැකියාව පවතින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිසිම ජංගම වෙළෙන්දෙකුට මාර්ග අසල තබාගෙන වෙළෙඳාම් කිරීම තහනම් බවය.

තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළෙඳාම් කටයුතුවල යෙදෙනෙ වෙළෙඳුන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

වැඩි මිලට සහ අඩු බරට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සඳහා පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img