කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ඊයේ (26) දිනයේදී ආසාදිතයින් 300ට ආසන්න අගයකින් වාර්තා වී තිබේ.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළම බස්නාහිර පළාතෙන් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම ඉහළ අගයක් පෙන්නුම් කර ඇත.
ඊයේ දිනයේදී ගම්පහ 268ක්, කොළඹ 273ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 293ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ වාර්තා වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 834කි.
මීට අමතරව තවත් දිස්ත්‍රික්ක දෙකකින් ඊයේ දෛනික ආසාදිතයින් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 149ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 132ක් වාර්තා වී ඇත.
මහනුවර 76ක්, රත්නපුර 67ක්, මාතලේ 54ක්, ගාල්ල 52ක් ලෙස ද ආසාදිතයින් වාර්තා වී තිබේ.
කෙසේවෙතත් මන්නාරම සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකුද වාර්තා වී තිබීම විශේෂත්වයකි.






















